Sunday, July 6, 2014

සොබා අසිරිය මවන කඩොලාන ශාක

10:28 AM Posted by dimu No comments
(කොළඹ,ලංකාපුවත්) - ජීවයේ උපත කෙසේ සිදු වීදැයි යන්න පිළිබඳ විවිධ අදහස් තිබේ. මෙහිදී ආගමික හා විද්‍යාත්මක අදහස් මුල්තැනක් ගනි. ආගමික අදහස්වල ඇති පරස්පර තාවය නිසා විද්‍යාත්මක අදහස් කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. එසේ වුවද  විද්‍යාත්මක  අදහස් අතරද විවිධාකාරයේ මාතවාද දැකිය හැකිය.
කෙසේ හෝ අවසානයේ පිළිගන්නා පොදු මතය වනුයේ පෘථීවියේ ජීවය ආරම්භ වුයේ ජලය මගින් බවය. ඒ හිදී ලොකයේ කලපු හා ඒ ආශ්‍රත ජෛව ප්‍රජාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවේ. මන්ද ජීවයේ ආරම්භයට මෙය බලපෑමක් වූ බව විද්‍යාඥයන්ගේ එක් මතයක් බැවිනි. මෙම ලිපිය මගින් ජීවියේ ආරම්භය පිළිබඳ විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු නොවේ. සීඝ්‍රයෙන් දියුණුවන ලෝකයේ ජීවත් වන මානවයා අද ඉතා කාර්ය බහුල දිවිපෙවත් ගත කරයි. පරිසරය ගැන සිතනාවට වඩා එදිනෙදා ජිවිකාව පිළිබඳ ඔවුන් දැඩි අවධානයක් යොමු කරයි. මෙනිසා පරිසරයට අති විශාල බලපෑමක් අද දිනයේ එල්ලවී තිබේ. දැනුවත් හෝ නොදැනුවක් කමින් පරිසරයට එල්ලවන මෙම බලපෑම සුළුපටු වූක් සේ සැලකිය නොහැක.  වර්ථමානයේ දැඩි අවධානමකට ලක්වී ඇති අතිශය සුවිශේෂි ශාක විශේෂයක් වන කඩොලාන ශාක පිළිබඳ කෙටි විග්‍රහයක් මෙහි දැක්වේ.
සාගරයෙන් වට වූ දිවයිනක් වන අප රටේ විෂේසිත වූ ස්වාභාවික වෘක්ෂලතා කාලාපයක් ලෙස කඩොලන පරිසර කාලාපය දැක්ය හැක. දිවයින වටාම පාහේ මෙම පරිසර පද්ධතිය අඩු වැඩි වශයෙන් දැකිය හැක. ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමාණයෙන් 0.01% ක කඩොලාන ව්‍යාප්ත වී ඇත. වෙරළබඩ පිහිටි කළපු මුහුදු බොකු ගංමෝයවල් ආශ්‍රිතව වඩදිය බාදිය බලපෑමට ගොදුරුවෙමින් අතරමැදි ජලතත්වයන් යටතේ වැඩෙන සදාහරිත ලවණීශාක විශේෂයක් ලෙස කඩොලාන හැදින්විය හැක. මෙම පරිසර පද්ධතියෙන් ජලජ ජීවින්ගේ පැවැත්මට විශාල මෙහෙයක් සිදු කරයි. විශේෂයෙන් ලෝකයේ නිවර්ථන කලාපයේ හා අර්ධ නිවර්ථන ප්‍රදේශයන් හි පිහිටි කළපු මුහුදු බොකු ගංමෝයවල් ආශ්‍රිතව කඩොලාන දැකිය හැක.
කඩොලාන ශාකයේ අනුවර්තනීය ලක්කෂණ ගණනාවක්ම දැකිය හැක. මඩ හා වැලි සහිත පසේ සියළු අවකාශන් නිරන්තරයෙන් ජලයෙන් වැසී ඇති නිසා එම පස නිර්වායුතාවයෙන් යුක්ත වේ. වායුගෝලයේ ඇති ඔක්සිජන් ආශ්වාසයට හා කාබන් ඩයොක් සයිඩ් ප්‍රාස්වාසයට අනුවර්ථනය වූ පසින් ඉහළට මතුවී වැඩෙන වායුධාර මුල් මගින් මෙම ක්‍රියාවලිය සිදුකෙරේ. එමෙන්ම දණහිස් හා ස්වසන මුල් මගින්ද මෙම ක්‍රියාවලියට තවත් පහසු කරවයි. බුරුල් මඩ හා වැලි සහිත පසේ ශක්තිමත් ලෙස පොළවට තදින් සවිවී තිබීම අවශ්‍යය මන්ද වෙරළ ආශ්‍රිතව පවතින තද සුළං මගින් ශකය ඉදිරියෑම ද වලකාගත යුතුය. කඩොලාන ශාකයේ කදින් වැඩෙන කරු මුල් හා අතු වලින් වැඩෙන කයිරු මුල් මගින් ශාකයට අමතර සවියක් ලබාදෙයි. එසේම මෙම මුල් වල විශාල වශයෙන් වාවිවර ඇති අතර එමගින් අමතර වායු හුවමාරුවක් ද සිදුවේ. ජලාබුජ තාවය මෙම කඩොලාන ශාකයන්හි දැකිය හැකි විශේෂ අනුවර්ථනයක් වේ. කළලය විකසනය සඳහා අවශය පරිසර තත්ත්වය උචිත නොවන හෙයින් බීජය විකසනයේ පහසු අවධිය දක්වාම මවු ශාකයේ රැදි පැවතීම ජලාබුජතාවය වේ. මුල් හා පත්‍ර කිහිපයක් බිහිවීමෙන් අනතුරුව වැඩුන බීජ පැලය වමු ශාකයෙන් වෙන් වී මඩට වැටී මඩ තුල මුල් කා වදින නිසාවෙන් කිසිදු ආපදාවකින් තොරව ම ශාකය තම දිවි ගමන අරඹයි. ජලාධාරක ඔස්සේ පාවී යෑමේ පහසුව සඳහා විශේෂිත ව්‍යුහහමය අනුවර්ථනය ලක්කෂණ වලින්ද සමන්විත වේ. සමහර කඩොලාක ශකයන් හි ලවන ස්රාවී ග්‍රන්ථී පිහිටා ඇත. මෙමගින් ශාකයේ ඇති ලවණ ඉවත් කිරීම සිදුවේ. කඩොලාන ශාක අධික සූර්යතාපයට හා වියලි සුළගට නිරන්තරයෙන් භාජණය වන නිසා පත්ර මගින් පිටවන ජල ප්‍රමාණය අධිකවේ. මෙම හානිය වලකා ගැනීම සඳහා මෙම ශාක පත්රවල ඝණ උච්චර්මයක් හා අපිචර්මයක් ද ජල සංචිත පටල අධිකව පිහිටා ඇත. පත්‍ර දිස්නයෙන් යුක්ත බැවින් හිරු එළිය පරාවර්ථනය කරයි. අනිකුත් සොමාන්ය ශාක වලට හිතකර නොවන වාසසස්ථානයන්හි ඇති සුවිශේෂ පරිසර ලක්ෂණ වලට කඩොලාන ශාක මනාව අනුවර්ථනය වී ඇත.
කඩොලාන පරිසර පද්ධතියෙන් ලබාගන්නා ද්‍රව්‍ය මය වටිනා කමට වඩා වැඩි මිලකල නොහැකි පාරිසරික වටිනාකමක් මෙම ශාක ප්‍රජාව සතුවේ. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් අපගේ මූලික අරමුණ සංවර්ධනයවීම වන මුත් ස්ථීරසාර සංවර්ධය මගින් අපට මෙවන් වටිනා කමින් බහුල තෙත්බිම් ආරක්ෂා කර ගැනීමද හැකියාව ඇත. 2004 පැමිණි සුනාමිය වැනි ස්වාභාවික ව්‍යසනයන් හි දී කඩොලාන ස්වාභාවික සුනාමි ආරක්ෂිත ආවරණ සෙල ද ක්‍රියාකලේය. සුළි සුළං හා අනිකුත් තද සුළං වලින් වන හානිය මෙම කඩොලාන ශාක නිසා අවමවේ. තවද මෙම පරිසර පද්ධතිය මගින් වෙරළ ඛාදනය වලක්වා වෙරළ ආරක්ෂා කෙරේ. මුහුදු හා කලපු ආශ්‍රිතව ජීවත් වන ඉස්සන් දැල්ලන් ඛෙල්ලන් කකුළුවන් හා මත්ස්‍යයන්ගේ ලාබාල අවිදීන් සඳහා නිබදවම ආරක්ෂව හා ආහාර සැපයීම ද ඔවුන්ගේ ප්‍රජනන බිම් ලෙසද මෙම පරිසර පද්ධතිය ක්‍රියා කරයි. සංචාරක හා දේශීය පකෂීන්ට කෂීරපායින්ට උරගයන්ට වසස්ථාන ආරක්ෂාව හා ආහාර සැපයීම මින් සිදුවේ.
දේශීය වෙදකම සඳහා අවශ ඉතා වටිනා බෙහෙත් වර්ග ලබාගත හැකි වීම. ඔරු හා පාරු සදාගැනීමෙ අවශය දැව ලබාගත හැකි වීම. මස් අතු ධීවර කර්මාන්තය සඳහා අවශ දර ඉපල් ලබාගත හැකිවීම. ධීවර කර්මාතයේ දී අවශ්‍යවන ලණු හා රුවල් පෙගවීම සඳහා ටැනින් ලබාගැනීම. ආදි වූ සුවිශාල ප්‍රයෝජන රැසක් මෙම ශාක ප්‍රජාව මගින් ඉටුවේ. කඩොලාන පරිසර පද්ධතියේ දැකිය හැති අති සුන්දර වූ චමත්කාර ජනක භාවය නිසා සංචාරක කර්මාන්තයේ දී ඉතා ප්‍රබල ස්තානයක් මෙම පරිසර පද්ධතියට හිමිවේ. ජීව විද්යාව හදාරන සිසුන්ට හා පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන්නනට මෙම පරිසර පද්ධතිය ස්වාභාවික විද්‍යාගාරක් බදුවේ.  ශ්‍රී ලංකාවේ කඩොලන වර්ග 22 ක් පමණවේ ඉන් වර්ග කිහිපයක් පහත් දැක්වේ.
මේ අතිශය පාරිසරික හා ආර්ථීක වැදගත් කමකින් යුත් කඩොලාන ශාක ප්‍රජාව වර්ථමානයේ වදවියෑමේ දැඩි අවදානමකට ලක්වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු තෘණ පද්ධතීන්ට මෙම කඩොලාන විනාශය ප්‍රභාල බලපෑමක් එල්ල කර තිබේ. එසේම කඩොලාන ආශ්‍රීත ප්‍රදේශයන් හි මත්ස්‍ය අභිජනනය අඩු වීම නිසා මත්ස්‍ය නිෂ්පාදය අඩු දී ඇත. මේ සෑම දෙයටමත් වඩා බරපතල කාරණය වනුයේ සීඝ්‍රයෙන් වදවීමේ තර්ජනයට මුහුණ දී ඇති විවිධ ජාන සම්පත් මෙහි ඇති බැවින් ඒවාද ඉතා සීඝ්‍රයෙන් වදවීයෑම තර්ජනයකට පුහුණ පෑමයි. කඩොලාන ශාක මගින් අපිරිසිදු ජලය සැම විටම පෙරා දෙනු ලැබේ එබැවින් එම කක්‍රියා වලියට මෙම ශාක පද්ධතියේ විනාශය දැඩි බලපෑමක් එල්ල කර ඇත.
මෙසේ දිනෙන් දින විනාශ මුඛය කරා ඇදි යන කඩොලාන ශාක පද්ධතිය ආරක්ෂා කිරීම අප සැමගේ නිබද වගකීමක් එබැවින් පාසල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන් ගරුවරුන් හා විද්වතුන් දැනුවත් කරමින් සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම. පැල තවාන් පවත්වාගෙන යෑම. විනාශ වූ කඩොලාන ප්‍රදේශන් හි නැවත පැල සිටුවීම. කඩොලාන ආශිත ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාව දැනුවත් කිරීම. ඉක්මනින් වර්ධනය වන කඩොලාන ශාක ප්‍රභේද හදුනාගෙන ඒවා  ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා මාර්ග මගින් කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා කටයුතු සිදුකල හැකිය.
ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන වර්ග ඛිහිපයක් පහත දැක්වේ.
උද්භිද විද්‍යාත්මක නම්  (ඉංග්‍රීසි)                                                                                       සිංහල
Acanthus illcifolius (see holly)                                                                                     කටු ඉකිලි  
Aegiceras Corriculatum                                                                                              හීන් කඩොල්  
Bruguiera cylindrica, B. sexangula (Mangrove)                                                          මල් කඩොල්
Bruguiera gymnorrhiza (large-leafed Mangrove, black mangrove)                            සිරි කන්දමලි කඩොල්,
Ceriops tagal (mangrove like)                                                                                     රතු කඩොල්  
Cynometra iripa (wrinkled pot mangrove)                                                                   ඔපලු
Excoecaria agallocha (Blinding Tree)                                                                         තෙල
Heritiera littoralis                                                                                                         එතුන
Lumnitzera racemosa (Mangrove)                                                                              බෙරිය
Nypa fruticans (Mangrove plam)                                                                                 නිප,මූදු පුවක්
Pemphis acidula(Bonsai Mangrove)                                                                           කෙරල
Rhizophora mucronata, R. Apiculata (Mangrove)                                                       මහ කඩොල්
Monarakadola                                                                                                             මන්නකන්දල්
Naedunkadola                                                                                                            නද්දන්කන්දල්
Scyphiphora hydrophyllaceae (Mangrove)                                                                එලපිටවක්කා
Sonneratia caseolaris, Sonaratia caseolaris, S. Alba (mangrove apple)                   කිරල
Xylocarpus granatum                                                                                                 මල් කඩොල්,මුට්ටි කඩොල්
සටහන - දිමුත් ජයසුන්දර

ඈත අතීතයකට දිවෙන ජන කවිය

10:27 AM Posted by dimu No comments
ශ්‍රී ලාංකියන් වූ අපට වසර 2500ට වඩා ඈත අතීතයකට දිවෙන ලිඛිත ඉතිහාසයක් ඇති පෞරවුඩ ජාතියක් වෙමු. මෙහිලා අපටම අනන්‍ය වූ සංස්කෘතියක් සදාචාරයක් හා සභ්‍යත්වයක් ඇත්තෙමු. ගමයි පන්සලයි, වැවයි ධාගැබයි යන සංකල්පය පත පදනම් වූ සමාජයක් අප සතුවිය. ශ්‍රී ලාංකිකයේ නිතර සිනාමුසු මුහුණින් හෙබි පරිත්‍යාගශීලා ජාතියක් බැවු මුළු ලොවම හඳුනන්නේ මේ නිසාය. එවන් හික්මුණු සමාජයක ජීවත් වූ ලාංකියා තුළින් ඉතා අනර්ඝ නීර්මාණ රැසක් ද ලොවට දායද කොට තිබේ. ජන කිවිය ලංකීය සමාජයෙන් බිහිවු එවන් තවත් එක් අංගයක් ලෙස හැදින්විය හැක. ජන කවිය කවදා කොතැනක කවුරුන් විසින් ලියවුවේද යන්න පිළිබඳව නිස්චිතව අදහසක් දැක්විය නොහැක. නමුත් පැරණි ලංකීය සමාජයේ ජීවත් වූ හෙළයන් විසින් දෛනික තම ජීවනෝපාය අතර ඇතිවන වෙහෙස මහන්සිය පාලූව තනිකම සංසිඳුවා ගැනීමට තමා විසින් ස්වයංව නිර්මාණය කරගත් කවි වර්ථමානයේ ජන කවි ලෙසින් සමාජ ගත වී ඇත. ප්‍රධාන වශයෙන් ගොවිතැන පදක කරගනිමින් ජන කවි රාශියක් නිර්මාණයන් වුවත් අනෙකුත් රැකියාවන් මුල් කරගනිමින්ද කවි නිර්මාණය වී අතිබව දැකියි හැක.
වී ගොවිතැන පාදක කරගෙන කවි රාශියක් නිර්මාණය වී ඇති බව දැකිය හැක. ගොවියා තම කුඹුරු හාන  අවස්ථාවේ සිටි අස්වැන්න නෙලන අවස්ථාව දක්වා වූ කාලය තුල වූ විශේෂ අවස්ථාවන්හි මෙම කවි ගායනා කල බව දැකිය හැක. මී ගවයන් (අම්බාරුවන්) මගින් කුඹුර හාන අවස්ථාවේ ඔවූහු අඩහැරය නමින් හැදින්වෙන කවි ගායනා කලේය. ගොයමේ වල් පැල නෙලන විට ඔවුන් නෙලූම් කවිද, කරල් කපන විට ගොයම් කවිද ගායනා කලේය. අවසානයේ කමතේ දී ගායනා කල කමත් කවියෙන්ද අපේ ජන කවිය තවත් පෝශණය විය. නොලූම් කවි හා යොයම් කවි බොහෝ විට ගෙවිලියන් විසින් ගයනා කල අතර කමත් කවි ගොවියන් විසින් ගායනා කරනු දැකිය හැක. මෙයින් හුදෙක් බලාපොරොත්තු වූයේ අධික හිරු රැස් නිසා අතිවන දැඩි රස්නයත්, තමා කරන කාර්යේ වෙසෙහ මහන්සිය මගහරවා ගැනීමත් තමන් හා වැඩ කරන අන් අය සම`ග මනා සබැඳියාවෙන් හා සහයෝගයෙන් යුතුව වැඩකිරීමත්ය. මෙම සෑම අවස්ථාවක දීම ඔවූහු තම ආගම වූ බුදු දහම මූලික කරගෙන කවි නිර්මාණය කල අතර තම දිවිය සවි කරගැනීමට උපකාරවන ස්වාභාවික වස්තූන් කෘතවේදීව සිහි කරමින් ද මෙම කවි ගායනා කිරීමට අමතක නොකළේය. මෙමගින් ඔවුන් තුල වූ නිහතමානි ගතිය මනාවට පිළිඹිබු විය.
රන් දෑ  කැති  ගෙන  නිති         සැරසෙනවා
රන්  වන් පටි ගගග   වට           දිලිසෙනවා
හිරු  දුටු  පිනිබිඳු  ලෙස            පහවෙනවා
දුම්බර කෙතේ අපී  ගොයම්     කපනවා
උදේ  ඉඳන්  වකුටු  කොන්ද  දිග             හැරපල්ලා
අතේ  තියෙන ගොයම්  මිටිය බිම            දමපල්ලා
හිසේ  තියෙන  ලේන්සු පොදිය අතට       ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටය්  ගොඩට             යමල්ලා
හේන් ගොවිතැනෙහි නිරතවූ හේන් ගොවියෝ රාත්‍රි කාලයේ දී තම හේන ආරක‍ෂාකිරීමට නිදි වැරූහ. රාත්‍රියේ අතිවන පාළුව, තනිකම මගහරවා ගිනීමට ඔවුන් පැල් කවි කීහ. සමහර අවස්ථාවන්හි ඈත පිහිටි වෙනත් පැළක පැල් රකින්නෙකු සමඟ තම අදහස් හුවමාරු කර ගත්තේද දෙදෙනා එක්ව කවි තරඟයට ගායනා කිරීමෙන්ය. එසේම තම හේනේ සිටවූ කුරහන් අවස්වැන්න නෙලන අවස්ථාවන්හි කුරහන් කවි ගායනා කල අවස්ථාද දැකිය හැක.
පෙර කලේ තැනු පැල දැන් දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම රැ රැක බලාලා
නිදිමතේ කියමු පැල් කවි ගොතාලා
වර්ථමානය මෙන් ප්‍රවාහන පහසුකම් ඈත අතීතයේ නොවීය. ගැමියන්ගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යන්ගෙන් එකක් ලෙස ඔරු, පාරු, පහුරු, දැකිය හැක. එම පාරු පදින තොටියෝ ද කවි පද වැල් ගායනා කලේය. අප පාරු කවි ලෙසින් හඳුනාගන්නේ මෙම පාරු පදින්නාගේ ඒ සුන්දර පද පෙලින්ය. පාරුව හා පහුර පැදීම දුෂ්කර කාර්යක් විය. මන්ද එහි බර ද්‍රව්‍ය ප්‍රවාහණයට වැඩි වශයෙන් යොදා ගැනීමයි එහිදි දැනෙන වෙහෙස නිවා ගැනීමට ඔවූහු කවි ගායනා කලේය. නමුත් අවසානාවකට අද ඒ පද වැල් කොන්ක්‍රීට් පලම් මතින් වැසි ගොස් හමාරය.
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලේ තබා වරෙන්
කැළණි ගගේ ඔරු යනවා බලා වරෙන්
සදුකාර දී ඔරුවක නැගී           වරෙන්
ගැල් පුරවා ගමින් ගමින් ගමට යන කරත්ත කරුවන් ද රාත්‍රි යාමයේ දී කවියක් කීමට අමතක නොකලේය. තමාට දැනෙන කාන්සිය මගහරවා ගැනීමටය කරත්ත කරු ගැයූ කවි කරත්ත කවි ලෙසින් හඳුනාගන්නා ලදි. කාපට් අතුරා අධිවේගයෙන් ගමන් කරන යාන වාහන අසේසේ අපට ඇසෙන්නනේ කණ් අඩි පුපුර යන නලා හඩ මිස එදා ද ගැයූ මිහිරි කවි පද නොවේ. ගැල් කවිය අද අපට ඇසෙන්නේම නැති තරම්ය සමාජයෙන් ඇති වී ගොස් හමාරය.
වයිර ගොනා දන ගහලා අදින කොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොනවා කරන්නද පූරුවේ කල පවට
පවු කල ගොනෝ ඇදපන් ගාල ගාවට
තම දිවි පෙවෙතේ ඇති කටුක බාවය පතල් කවි මඟින් පතල් කරුවා කියාපායි. පොලොවේ සිට බඹ ගනනාවක් යටට කපා ඉන් නොනැවතී දෝණා බසිමින් ඉතා බැරූරැම් කාර්යයක් කරන පතල් කරුවාගේ ජීවිතය සැබවින්ම කටුකය. පතල් කවි ඇසෙන විට නෙතට කඳුලක් නගින්නේ එහි පදයක් පදයක් පසාම කවියා අපට පෙන්නුම් කරන්නේ දුක් ගොඩක් නිසාවෙනි. බොහෝ විට මිණිරන් පතල් ආශ්‍රීතව මෙම පතල් කවි දුරාතිතයේ දි ඇසෙන්නට ඇති මුත් අද වන විට මෙම කවි අප සමාජයෙන් ඈත් වී තිබේ.
ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක යට
කන්නෙත් කරවලයි රට හලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්නට
ඉහතින් සඳහන් කල කවින්ට අමතරම දරු නැලවිලි ගී, කුරහන් කවි, බබර කවි, රබන් පද, ඔංචිලා වාරම් ආදි නොයෙකුත් කවි වර්ග රාශියක් අප පැරණි සමාජයේ දැකිය හැකිය. අද මේවා අපට අසන්නට ලැඛෙන්නේ සිංහල අවුරුදු සමයන්හි පමණි මින් බොහෝමක් කවි වර්ථමාන සමාජයෙන් ඈත් වී ඇත. ශතවර්ෂ ගණනාවක් විදේශය අධිපත්‍යට යටත් වී සිටිම මෙම සංස්කෘතික උරුමයින් අපගෙන් ඈත් කරන්නට හේතු වූවායයි සිතියහ හැක. එමෙන්ම නවීන තාක‍ෂණය වර්තමානයේ සමාජයේ සියළු මායිම් සිසාරා පැතිරී ඇති අතර ඒදා මිනිසුන් විසින් කල දෑ  අද යන්ත්‍ර සූත්‍ර වලට පවරා තිබීමද ජන ගී සමාජයෙන් ඈත් වීමට හේතුවක් වී ඇත.
ජන කවිට අද අප සමාජයෙන් ඈත් වී ක්‍රමයෙන් අභාවයට පත්වී ඇති ජන සංස්කෘතික අංගයක් ලෙස දැකිය හැක. මෙය ඉදිරිපරපුර වෙනුවෙන් ආරක‍ෂා කිරීම අපගේ යුතුකමකි. එයට මුවා වී නව සංගීතය එයට මුසු කිරීම සුඳුසු යැයි නොසිතමි. ජන කිවියෙන් අතීත කවියා බලාපොරුත්තු වූ කාර්ය ඉන් ඉටුනොවේ. අපට සිතට ගතට දැනෙන්නේ කවිය පෙර පරිදිම එම තාලයටම ගැයූ විටය. මෙවන් වටිනා සංස්කෘති අංග තව තවත් ඉදිරියට නොනැසී  පත්වාගෙන යෑම සියළු ශ්‍රී ලාංකිකයන්ගේම වගකීමකි.
සටහන : දිමුත් ජයසුන්දර