
ශ්‍රී ලාංකියන් වූ අපට වසර 2500ට වඩා ඈත අතීතයකට දිවෙන ලිඛිත ඉතිහාසයක් ඇති පෞරවුඩ ජාතියක් වෙමු. මෙහිලා අපටම අනන්‍ය වූ සංස්කෘතියක් සදාචාරයක් හා සභ්‍යත්වයක් ඇත්තෙමු. ගමයි පන්සලයි, වැවයි ධාගැබයි යන සංකල්පය පත පදනම් වූ සමාජයක් අප සතුවිය. ශ්‍රී ලාංකිකයේ නිතර සිනාමුසු මුහුණින් හෙබි පරිත්‍යාගශීලා ජාතියක් බැවු මුළු ලොවම හඳුනන්නේ මේ නිසාය. එවන් හික්මුණු සමාජයක ජීවත් වූ ලාංකියා තුළින් ඉතා අනර්ඝ නීර්මාණ රැසක් ද ලොවට දායද කොට තිබේ. ජන කිවිය ලංකීය සමාජයෙන් බිහිවු එවන් තවත් එක් අංගයක් ලෙස හැදින්විය හැක. ජන කවිය කවදා කොතැනක කවුරුන් විසින් ලියවුවේද යන්න පිළිබඳව නිස්චිතව අදහසක් දැක්විය නොහැක. නමුත් පැරණි ලංකීය සමාජයේ ජීවත් වූ හෙළයන් විසින් දෛනික තම ජීවනෝපාය අතර ඇතිවන වෙහෙස මහන්සිය පාලූව තනිකම සංසිඳුවා ගැනීමට තමා විසින් ස්වයංව නිර්මාණය කරගත් කවි වර්ථමානයේ ජන කවි ලෙසින් සමාජ ගත වී ඇත. ප්‍රධාන වශයෙන් ගොවිතැන පදක කරගනිමින් ජන කවි රාශියක් නිර්මාණයන් වුවත් අනෙකුත් රැකියාවන් මුල් කරගනිමින්ද කවි නිර්මාණය වී අතිබව දැකියි හැක.

වී ගොවිතැන පාදක කරගෙන කවි රාශියක් නිර්මාණය වී ඇති බව දැකිය හැක. ගොවියා තම කුඹුරු හාන අවස්ථාවේ සිටි අස්වැන්න නෙලන අවස්ථාව දක්වා වූ කාලය තුල වූ විශේෂ අවස්ථාවන්හි මෙම කවි ගායනා කල බව දැකිය හැක. මී ගවයන් (අම්බාරුවන්) මගින් කුඹුර හාන අවස්ථාවේ ඔවූහු අඩහැරය නමින් හැදින්වෙන කවි ගායනා කලේය. ගොයමේ වල් පැල නෙලන විට ඔවුන් නෙලූම් කවිද, කරල් කපන විට ගොයම් කවිද ගායනා කලේය. අවසානයේ කමතේ දී ගායනා කල කමත් කවියෙන්ද අපේ ජන කවිය තවත් පෝශණය විය. නොලූම් කවි හා යොයම් කවි බොහෝ විට ගෙවිලියන් විසින් ගයනා කල අතර කමත් කවි ගොවියන් විසින් ගායනා කරනු දැකිය හැක. මෙයින් හුදෙක් බලාපොරොත්තු වූයේ අධික හිරු රැස් නිසා අතිවන දැඩි රස්නයත්, තමා කරන කාර්යේ වෙසෙහ මහන්සිය මගහරවා ගැනීමත් තමන් හා වැඩ කරන අන් අය සම`ග මනා සබැඳියාවෙන් හා සහයෝගයෙන් යුතුව වැඩකිරීමත්ය. මෙම සෑම අවස්ථාවක දීම ඔවූහු තම ආගම වූ බුදු දහම මූලික කරගෙන කවි නිර්මාණය කල අතර තම දිවිය සවි කරගැනීමට උපකාරවන ස්වාභාවික වස්තූන් කෘතවේදීව සිහි කරමින් ද මෙම කවි ගායනා කිරීමට අමතක නොකළේය. මෙමගින් ඔවුන් තුල වූ නිහතමානි ගතිය මනාවට පිළිඹිබු විය.
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා
රන් වන් පටි ගගග වට දිලිසෙනවා
හිරු දුටු පිනිබිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතේ අපී ගොයම් කපනවා
උදේ ඉඳන් වකුටු කොන්ද දිග හැරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම දමපල්ලා
හිසේ තියෙන ලේන්සු පොදිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටය් ගොඩට යමල්ලා
හේන් ගොවිතැනෙහි නිරතවූ හේන් ගොවියෝ රාත්‍රි කාලයේ දී තම හේන ආරකෂාකිරීමට නිදි වැරූහ. රාත්‍රියේ අතිවන පාළුව, තනිකම මගහරවා ගිනීමට ඔවුන් පැල් කවි කීහ. සමහර අවස්ථාවන්හි ඈත පිහිටි වෙනත් පැළක පැල් රකින්නෙකු සමඟ තම අදහස් හුවමාරු කර ගත්තේද දෙදෙනා එක්ව කවි තරඟයට ගායනා කිරීමෙන්ය. එසේම තම හේනේ සිටවූ කුරහන් අවස්වැන්න නෙලන අවස්ථාවන්හි කුරහන් කවි ගායනා කල අවස්ථාද දැකිය හැක.
පෙර කලේ තැනු පැල දැන් දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම රැ රැක බලාලා
නිදිමතේ කියමු පැල් කවි ගොතාලා

වර්ථමානය මෙන් ප්‍රවාහන පහසුකම් ඈත අතීතයේ නොවීය. ගැමියන්ගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යන්ගෙන් එකක් ලෙස ඔරු, පාරු, පහුරු, දැකිය හැක. එම පාරු පදින තොටියෝ ද කවි පද වැල් ගායනා කලේය. අප පාරු කවි ලෙසින් හඳුනාගන්නේ මෙම පාරු පදින්නාගේ ඒ සුන්දර පද පෙලින්ය. පාරුව හා පහුර පැදීම දුෂ්කර කාර්යක් විය. මන්ද එහි බර ද්‍රව්‍ය ප්‍රවාහණයට වැඩි වශයෙන් යොදා ගැනීමයි එහිදි දැනෙන වෙහෙස නිවා ගැනීමට ඔවූහු කවි ගායනා කලේය. නමුත් අවසානාවකට අද ඒ පද වැල් කොන්ක්‍රීට් පලම් මතින් වැසි ගොස් හමාරය.
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලේ තබා වරෙන්
කැළණි ගගේ ඔරු යනවා බලා වරෙන්
සදුකාර දී ඔරුවක නැගී වරෙන්
ගැල් පුරවා ගමින් ගමින් ගමට යන කරත්ත කරුවන් ද රාත්‍රි යාමයේ දී කවියක් කීමට අමතක නොකලේය. තමාට දැනෙන කාන්සිය මගහරවා ගැනීමටය කරත්ත කරු ගැයූ කවි කරත්ත කවි ලෙසින් හඳුනාගන්නා ලදි. කාපට් අතුරා අධිවේගයෙන් ගමන් කරන යාන වාහන අසේසේ අපට ඇසෙන්නනේ කණ් අඩි පුපුර යන නලා හඩ මිස එදා ද ගැයූ මිහිරි කවි පද නොවේ. ගැල් කවිය අද අපට ඇසෙන්නේම නැති තරම්ය සමාජයෙන් ඇති වී ගොස් හමාරය.
වයිර ගොනා දන ගහලා අදින කොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොනවා කරන්නද පූරුවේ කල පවට
පවු කල ගොනෝ ඇදපන් ගාල ගාවට

තම දිවි පෙවෙතේ ඇති කටුක බාවය පතල් කවි මඟින් පතල් කරුවා කියාපායි. පොලොවේ සිට බඹ ගනනාවක් යටට කපා ඉන් නොනැවතී දෝණා බසිමින් ඉතා බැරූරැම් කාර්යයක් කරන පතල් කරුවාගේ ජීවිතය සැබවින්ම කටුකය. පතල් කවි ඇසෙන විට නෙතට කඳුලක් නගින්නේ එහි පදයක් පදයක් පසාම කවියා අපට පෙන්නුම් කරන්නේ දුක් ගොඩක් නිසාවෙනි. බොහෝ විට මිණිරන් පතල් ආශ්‍රීතව මෙම පතල් කවි දුරාතිතයේ දි ඇසෙන්නට ඇති මුත් අද වන විට මෙම කවි අප සමාජයෙන් ඈත් වී තිබේ.
ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක යට
කන්නෙත් කරවලයි රට හලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්නට

ඉහතින් සඳහන් කල කවින්ට අමතරම දරු නැලවිලි ගී, කුරහන් කවි, බබර කවි, රබන් පද, ඔංචිලා වාරම් ආදි නොයෙකුත් කවි වර්ග රාශියක් අප පැරණි සමාජයේ දැකිය හැකිය. අද මේවා අපට අසන්නට ලැඛෙන්නේ සිංහල අවුරුදු සමයන්හි පමණි මින් බොහෝමක් කවි වර්ථමාන සමාජයෙන් ඈත් වී ඇත. ශතවර්ෂ ගණනාවක් විදේශය අධිපත්‍යට යටත් වී සිටිම මෙම සංස්කෘතික උරුමයින් අපගෙන් ඈත් කරන්නට හේතු වූවායයි සිතියහ හැක. එමෙන්ම නවීන තාකෂණය වර්තමානයේ සමාජයේ සියළු මායිම් සිසාරා පැතිරී ඇති අතර ඒදා මිනිසුන් විසින් කල දෑ අද යන්ත්‍ර සූත්‍ර වලට පවරා තිබීමද ජන ගී සමාජයෙන් ඈත් වීමට හේතුවක් වී ඇත.
ජන කවිට අද අප සමාජයෙන් ඈත් වී ක්‍රමයෙන් අභාවයට පත්වී ඇති ජන සංස්කෘතික අංගයක් ලෙස දැකිය හැක. මෙය ඉදිරිපරපුර වෙනුවෙන් ආරකෂා කිරීම අපගේ යුතුකමකි. එයට මුවා වී නව සංගීතය එයට මුසු කිරීම සුඳුසු යැයි නොසිතමි. ජන කිවියෙන් අතීත කවියා බලාපොරුත්තු වූ කාර්ය ඉන් ඉටුනොවේ. අපට සිතට ගතට දැනෙන්නේ කවිය පෙර පරිදිම එම තාලයටම ගැයූ විටය. මෙවන් වටිනා සංස්කෘති අංග තව තවත් ඉදිරියට නොනැසී පත්වාගෙන යෑම සියළු ශ්‍රී ලාංකිකයන්ගේම වගකීමකි.
සටහන : දිමුත් ජයසුන්දර
0 comments:
Post a Comment